අන්තරාය නිවාරණ පිරිත සහ එහි සිංහල තේරුම
බුද්ධානං ජිවිතස්‍ස – නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං චබ්බන්න රං සී නං – නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං ද්වත් තිංස මාහා පුරිසලක්කනානං – නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
බුද්ධානං අබිහට චතුන්නං පච්චයානං – නසක්කා කේනචි අන්තරායෝ කාතුං
ඉමෙසං චතුන්නං අජ්ජරියානං – නසක්කා කෙනචි අන්තරායෝ කාතුං
එතෙන සච්ච වච්චෙන අන්තරායෝ අසේනසතෝ – මාරාදයෝ විනස්සංතු ජය සිද්දි බවංතු මේ
අන්තරාය නිවාරණ පිරිතේ සිංහල අනුවාදය
බුදුරජාණන් වහන්සේගේ ජිවිතයට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය,
බුදුරජාණන් වහන්සේගේ සවනක් ඝන රශ්මි මාලවන්ට අනතුරක් කිරිමට කිසිවකුට
නොහැකිය, බුදුරජානන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරිමට
කිසිවකුට නොහැකිය
බුදුරජාණන් වහන්සේ වෙත පමුනුවන ලද සිව්පස යන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
මෙම සතර අද්භූත ධර්මයන්ට අනතුරක් කිරිමට කිසිවකුට නොහැකිය
මෙ සත්‍යක්‍රියා බලයෙන් සියලු අනතුරු මාර බල සියල්ල සහමුලින්ම දුරුවේවා. සියලු ලෝ වැසියන්ට ශාන්තිය උදාවෙවා!
Comments
Post a Comment