Skip to main content

Angulimala Piritha අංගුලිමාල පිරිත

 පාලි ගාථා පාඨ සහ සිංහල තේරුම සමග Angulimala Piritha - අංගුලිමාල පිරිත

ගර්භණිය මවුවරුන්ටත් කුසෙහි වැඩෙන දරුවන්ටත් ආරක්‍ෂාව ලබාදෙන මහා බලගතු අංගුලිමාල පිරිත




මහා කාරුණික බුදුරජාණන් වහන්සේ, ගැබිණි මාතාවකට සුව සේ දරුවා බිහි කිරීමට සෙත් පැතීම පිණිස අංගුලිමාල මහරහතන් වහන්සේ ම සත්‍යක්‍රියාවක් වශයෙනුයි අංගුලිමාල පිරිත දේශනා කොට වදාළේ. එහි හැඳින්වීමේ ගාථාවල මෙලෙස සඳහන් වෙනවා.

        “පරිත්තං යං භණන්තස්ස – නිසින්නට්ඨාන ධෝවනං
            උදකම්පි විනාසේති – සබ්බමේව පරිස්සයං
            සොත්ථිනා ගබ්භවුට්ඨානං – යං ච සාධේති තං ඛණේ
            ථේරස්සංගුලිමාලස්ස – ලෝකනාථේන භාසිතං
            කප්පට්ඨායි මහාතේජං – පරිත්තං තං භණාමහේ”

එහි තේරුම මෙයයි.

“ඒ අංගුලිමාල මහරහතන් වහන්සේ වැඩහිඳ යම් පිරිතක් දෙසා වදාළ තැනක් ඇද්ද, එම තැන සේදූ දිය පවා සියලු පීඩා දුරුකර දමන්නේ ය. ගර්භණී මාතාවක් යම් දුකකින් පෙළෙයි නම්, ඒ දුක සැණෙකින් බැහැර වී සුවපත් ව නැගිටින්නී ය. ලෝකනාථ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් කල්පයක් බල පවතින මහා තේජසින් යුතුව ආඥා කොට, අංගුලිමාල මහරහතන් වහන්සේ විසින් වදාරණ ලද ඒ අංගුලිමාල පිරිත අපි දැන් කියන්නෙමු.”

ඉන් පසු ශතවර්ෂ ගණනාවක් සුවහසක් මව්වරුන් සුවපත් කළ අංගුලිමාල පිරිත මෙසේ සඳහන් වෙනවා.

“යථෝහං භගිනි අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සඤ්චිච්ච පාණං ජීවිතා වෝරෝපේතා තේන සච්චේන සොත්ථි තේ හෝතු, සොත්ථි ගබ්භස්සාති.”

“පින්වත් නැගණියෙනි, යම් දිනෙක මම් උතුම් නිවනට පමුණුවන මාර්ග ඵලලාභී ආර්ය ජාතියෙහි උපත ලැබුවෙම් ද එදා සිට දැන දැන ප්‍රාණියෙකුගේ දිවි තොර කළ බවක් නොදනිමි. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! සුවසේ දරුවා බිහිවේවා!!!” යනු එහි තේරුමයි.

දරු උපතකට ආසන්න වූ මවක් අංගුලිමාල පිරිතෙන් හත් වතාවක් පිරිත් ආශිර්වාද ලබා, එම පිරිත් කළ පැන් පානය කිරීමෙන් හා දරු ගැබේ තවරා ගැනීමෙන් සුව සේ දරු උපත සිදුවෙනවා.


Comments

Popular posts from this blog

Mora piritha - මෝර පිරිත (සම්පුර්ණ)

Jaya Piritha මහානුභාවසම්පන්න ජය පිරිත් දෙශනාව.