Mora piritha - මෝර පිරිත (සම්පුර්ණ)
පෙරුම් පුරන්නාවු අප මහා බෝසතාණන් වහන්සේ මොණර කුලයෙහි උපන් සේක.
මෙසේ මොණර කුලයෙහි උපන් බෝසතාණන් වහන්සේ තම ආරක්ෂාව සලසා ගත්තේ මෙම බලානුසම්පන්න මෝර පිරිතෙනි. එපරිද්දෙන් ආරක්ෂාව, රැකවරනය සලසා ගත හැකි උතුම්
වූ මෙම මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන්
එහි අනුහසින් බලයෙන් ඔබටද ආරක්ෂාව, රැකවරණය ලැබේවා!
Moora piritha - මෝර පිරිත (සිංහල අර්ථය සමග) 🌷
🙏 උදේතයං චක්ඛුමා ඒකරාජා
🙏 හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
🙏 තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
🙏 තයජ්ජ ගුත්තා විහරේමු දිවසං.
ඇස් ඇති ඒකරාජ වූ, රන්වන් වූ, පොළොව බුබුළුවන්නා වූ, මේ හිරු තෙම නැගෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බුබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද මේ දවස සුවසේ වසමු.
🙏 යේ බ්‍රාහ්මණා වෙදගූ සබ්බධම්මේ
🙏 තේ මේ නමෝ තේච මං පාලයන්තු
🙏 නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
🙏 නමෝ විමුත්තානං නමෝ විමුත්තියා.
🙏 ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා.
යම් ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ කෙනෙක් සියළු ඤෙය ධර්මයන් දැන, සම්‍යක්සම්බෝධියට පැමිණිහෝ ද, ඔවුනට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත්හුදු මා රකිත්වා. පෙර බුදුවරුනට නමස්කාරය වේවා. සතරමහ සතර ඵලයයි කියන ලද බෝධියට නමස්කාර වේවා. පඤ්ච විමුක්තියට නමස්කාර වේවා. ඒ මයුර තෙම මේ පිරිත ආරක්ෂා කොටගෙන අහර සෙවීමෙහි හැසිරෙයි.
🙏 අපේතයං චක්ඛුමා ඒකරාජා
🙏 හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
🙏 තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
🙏 තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං
ඇස් ඇති, ඒක රාජ වූ, රන්වන් වූ, පොළොව බබුළුවන්නා වූ මේ හිරු තෙම පහවෙයි. එහෙයින් රන්වන් වූ පොළොව බබුළුවන තා වඳිමි. තා විසින් අද රක්නා ලද අපි සුවසේ වසමු.
🙏 යේ බ්‍රාහ්මණා වෙදගූ සබ්බධම්මේ
🙏 තේ මේ නමෝ තේච මං පාලයන්තු
🙏 නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
🙏 නමෝ විමුත්තානං නමෝ විමුත්තියා.
🙏 ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ වාසමකප්පයීති.
යම් ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ කෙනෙක් සියළු ඤෙය ධර්මයන් දැන, සම්‍යක්සම්බෝධියට පැමිණිහෝ ද, ඔවුනට මාගේ නමස්කාරය වේවා. ඒ භාග්‍යවත්හුදු මා රකිත්වා. පෙර බුදුවරුනට නමස්කාරය වේවා. සතරමහ සතර ඵලයයි කියන ලද බෝධියට නමස්කාර වේවා. පඤ්ච විමුක්තියට නමස්කාර වේවා. ඒ මයුර තෙම මේ පිරිත ආරක්ෂා කොටගෙන වාසය කළේ යි.
Comments
Post a Comment